Sunday, May 19, 2024

යුක්රේනය ආක්‍රමණය කළොත් රුසියාවට දරුණු වන්දියක් ගෙවීමට සිදුවේවි – බයිඩ්න් පූටින්ට කියයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ හමුදාව යුක්රේනය ආක්‍රමණය කිරීමක් සිදුකළහොත් රුසියාව වෙත දරුණු ඵලවිපාක වෙත මුහුණ දීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අගවයි. පසුගියදා දුරකථනය හරහා පූටින් අමතමින් බයිඩන් මේ බව පවසා තිබේ. මෙවැනි ආක්‍රමණයක් හේතුවෙන් ජනතාව වෙත බොහෝ හානි සිදුවිය හැකිබවත්,

එය රුසියාවේ තත්වය බිඳහෙලීමට හේතුවක් වෙනු ඇතැයිද බයිඩමෙහිදී පූටින් වෙත පැවසූ බවත් සඳහන් වෙයි. ඒ අනුව දෙදෙනාම ඉදිරි දිනෙකදී යුක්රේනය සම්බන්ධයෙන් වන එකගතාවකට පැමිණීමට මෙහිදී එකගවී තිබෙන බවත් සදහන් වෙයි.

එහෙත් විදෙස් මාධ්‍ය සදහන් කරන ආකාරයට රුසියාව තව දුරටත් යුක්රේන දේශසීමාව තුළ සිදුකරන හමුදාමය ක්‍රියාකාරකම් එලෙසින්ම පවත්වාගෙන යන අතර එම ක්‍රියාකාරකම් අත්හැරිමේ සූදානමක්ද නොමැති බව පැවසෙයි.මේ අතර රුසියානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨතම විදෙස් ප්‍රතිපත්ති උපදේශකවරයෙකු සඳහන් කර ඇති ආකාරයට බයිඩන් සහ පූටින් අතර සාකච්ඡා දෙපාර්ශ්වයටම වඩාත් සමතුලිත ආකාරයෙන් පැවැත්වී තිබේ. එසේම ඕනෑම අවස්ථාවකදී ඕනෑම මට්ටමකින් දෙදෙනා අතර, සබදතා පවත්වාගෙන යාමටත් නායකයන් එන්හිදී එකගතාව පළකර කෙසේ වෙතත් එක්සත් ජනපදය පවසන ආකාරයට නුදුරේදීම යුක්රේනය ආක්‍රමණය කිරීමේ අදහසක් රුසියාවට නැතැයිද එම උපදේශකවරයා පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles