ඉන්ධන මිල ඉහළ යාමත් සමග ප්ලේන්ටියේ සිට පාන්, කොත්තු ඇතුළු සියලුම ආහාර පානවල මිල ඉහළට

0
340

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඉදිරියේ දී ප්ලේන්ටියේ සිට ආහාර පානවල මිල ඉහළ යන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පැකට් එකක මිල අවම වශයෙන් රුපියල් 20 ක් හෝ 30 කින් වැඩිවෙන බව ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එමෙන්ම පාන්පිටි මිල ද ඉහළ යාමත් සමඟ කොත්තුවක මිල රුපියල් 10 කින් හෝ 15 කින් වැඩිවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මෙි අනුව,

⬆️තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 35 ත් 45 ත් අතර මිලකින් ඉහළට
⬆️පාන් රාත්තලක මිල රුපියල් 30 කින් ඉහළට
⬆️බනිස් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් ඉහළට
⬆️බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළට
⬆️කොත්තුවක මිල රුපියල් 10 කින් ඉහළට
⬆️කෙටි ආහාර(Short Eats) මිල රුපියල් 05 කින් ඉහළ දැමෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here