Friday, May 3, 2024

රුසියාවට එරෙහිව ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යයත් හිට ගනී

යුක්රේන ආක්‍රමණය පිළිබඳ රුසියානු රාජ්‍ය මාධ්‍ය පවසන දෑ අවහිර කළ ද රුසියාවට එරෙහි ප්‍රචාර සඳහා ඉඩ සැලසීමට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය අයත් මෙටා ආයතනය තීරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් මෙම සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ ප්‍රවර්ධනය කිරීම තහනම් වුවද රුසියානු හමුදාවලට එරෙහි ප්‍රචන්ඩත්වය සඳහා එමඟින් ඉඩ සළසා ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ලුකෂෙන්කෝ ගේ මරණය අපේක්ෂා කරන සටහන් සඳහාද ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් විවෘත වන බව අභ්‍යන්තර ඊමේල් පණිවුඩයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය සඳහන් කළා.

මෙි අතර රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් විදේශයන් හි වෙසෙන එරට තෙල් ධන කුවේරයන්ටද සම්බාධක පනවා ඇති අතර, ඒ අනුව බ්‍රිතාන්‍යයේ චෙල්සී පාපන්දු සමාජයේ හිමිකරු රෝමන් ඇබ්‍රමොවිච් ද වනවා.

බ්‍රිතාන්‍ය රජය ඔහුට සම්බාධක පනවා ඇත්තේ ජනපති පුටින්ගේ සමීපතමයෙකු ලෙස හඳුන්වමින්.

කෙසේ නමුත් එය, ප්‍රතික්ෂේප කරන ඔහු සිය පාපන්දු සමාජය ද අලෙවි කර ලැබෙන මුදල යුද්ධයේ වින්දිතයන්ට පිරිනැමීමට සූදානම් බවද ප්‍රකාශ කළා.

කෙසේ නමුත් රෝමන් ඇබ්‍රමොවිච් ට පැනවූ සම්බාධක හේතුවෙන් පාපන්දු සමාජය විකිණීමද අත්හිටුවා ඇති බව සඳහන්.

ඒ සඳහා ඔහුට විශේෂ බලපත්‍රයක් නිකුත් කරන්නේද යන්න පිළිබඳ බි්‍රතාන්‍ය රජය මෙතෙක් තීරණයක් ගෙන නැහැ.

සිය පාපන්දු සමාජයේ හිමිකරුට පැනවූ සම්බාධක පිළිබඳව චෙල්සි ක්‍රීඩා සමාජයේ අනුගාමිකයන් නොසතුට පළ කරන අතර, ඊයේ පැවති පාපන්දු තරගයකදී ඔවුන් ඔහුගේ නම දිගින් දිගටම ගායනා කිරීමට පෙළඹුණා.

බ්‍රිතාන්‍ය නෝවිච් සිටි පාපන්දු සමාජය සමඟ පැවති එම තරගයෙන් චෙල්සී පිලට තුනට එකක ජයග්‍රහණයක් හිමිවුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles