Sunday, November 17, 2024

ඉන්ධන සඳහා මුදල් ලබාදීමෙන් පසු අවශ්‍ය ඉන්ධන තොග විදුලිබල මණ්ඩලයට දෙනවා

විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත් ඉන්ධන සඳහා මුදල් ලබාදීමෙන් පසු අවශ්‍ය ඉන්ධන තොග විදුලිබල මණ්ඩලව වෙත ලබා දීමට කටයුතුකරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ නමුත් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අඛණ්ඩව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන තොග ලබා දීමට එකඟතාවය පළ කළ ද බලාගාර කිහිපයක් පසුගිය දින කිහිපයේ අවස්ථා කිහිපයකදී ඉන්ධන අවසන් වීම හේතුවෙන් අක්‍රිය වුණා.

පවතින වාතවරණය හමුවේ විදුලිබල මණ්ඩලය විසින් ඉදිරි මාස 03 ක කාලයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට අවසර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම වෙත ඉල්ලීමක් ද සිදුකර ඇති අතර එහි අවසන් තීරණය අද (15) දිනයේ ගැනීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වුවහොත් ජනතාවට අවම බලපෑමක් සිදුවන පරිදී විදුලි කප්පාදුවක් සිදුකරන බවයි.

මේ අතර විදුලිබල සැපයුම අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කරමින් පසුගිය 11 වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles