Sunday, May 19, 2024

CID ය ෂෙහාන් මාලක අත්අඩංගුවට ගනිද්දී මනෝරමටත් කැඳවීමක් කරයි !

ෂෙහාන් මාලක ගමගේ පසුගිය වසරේ (2021) අගෝස්තු දාහත්වැනි දා සමාජය සහ සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ගිහි පැවිදි කතෝලික නායකයන් හා එක්ව පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු නොවීම සම්බන්ධයෙන් අදහස් දැක්වුහ.

එම මාධ්‍ය හමුවේ ඔහු විසින් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අගෝස්තු 23 වැනි ඔහුව කැඳවා තිබිණ.

අනතුරුව එක දිගට දින ගණනාවක් ඔහුව අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්නකර තිබිණ.

ඊයේ (14) අත්අඩංගුවට ගැනීමට මොහොතකට පෙර ෂෙහාන් මාලක ගමගේ සමාජ මාධ්‍ය වෙත සජීවී ලෙස සම්බන්ධවෙමින් කිසියම් පිරිසක් විසින් තමාව බලහත්කාරයෙන් පැහැරගෙන යාමට උත්සහ කරන බව සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු සදහන් කළේ ශෙහාන් මාලක මහතා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් සම්බන්ධයෙන් විභාග වන නඩුවක උදෘතවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා නියෝග කර ඇති බවයි.

මේ අතර, එළැඹෙන බ්‍රහස්පතින්දා (17) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරී මනෝරම විරසිංහ මහතාට කැදවීමක් කර තිබෙනවා.

ඒ් සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීමට බවයි මේ වන විට වාර්තා වෙයි.

මෙි සම්බන්ධයෙන් අදහස් දැක්වූ මනෝරම වීරසිංහ මහතා,

“2022 පෙබරවාරි 17 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 9ට සීඅයිඩී කාර්යාලයේදී මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ. මා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළ බව අපැහැදිලි ලෙස සඳහන් කර තිබුණද, මා කැඳවා ඇත්තේ ඇයිද යන්න පිළිබඳ නිසි හේතුවක් එම ලිපියේ සඳහන් කර නොමැත. ප්‍රකාශය, එය කීවේ කවදාද, කීවේ කොතැනද යන්න සඳහන් නොවේ. මම අනිවාර්යයෙන්ම 17 වැනිදා නීතීඥයෙක් ළඟට ඉදිරිපත් කරනවා” යැයිද ඔහු පැවසීය.

තමාට සිතාසිය ලැබුණු දා සිට බොහෝ දෙනෙක් සදාචාරාත්මක සහයෝගයක් ලබා දෙන ලෙස කතා කළ බවද වීරසිංහ මහතා සඳහන් කළේය.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණයක් සඳහා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා මේ බව ඔහුට පොලිසියෙන් ලැබුණු ලේඛනයේ සඳහන් බව වාර්තා වේ.

පොලීසිය විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බිය ගැන්වීමේ මෙම උත්සාහය සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles