Saturday, September 21, 2024

ඉරාජ් අස්වුණේ මම කණට ගහලා නෙමෙයි -යෝෂිත

යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් පත් කරනු ලදුව ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයක කටයුතු කරමින් සිටි ඉරාජ් වීරරතන් සිය ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් කණට ගසා යැයි පවසමින් සමාජ මාධ්‍ය ජාලාවල පලවන පුවත කිසිම සත්‍යයක් නැති පදනම් විරහිත කතාවක් බව අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානී  යෝෂිත රාජපක්ෂ පවසයි.

යෝෂිත ඩේලි මිරර් වෙත කියා තිබුණේ සමාජ මාධ්‍ය තුළ පැතිර යන එවැනි කටකතා පදනම් විරහිත බවත් වීරරත්න සමඟ තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් ය.

අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැ ති බවයි ඔහු සඳහා කර ඇත්තේ. එමෙන්ම තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැ ති බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න මහතා පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කර තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles