Monday, September 23, 2024

ඊයේ ආසාධිතයන් 4446 ක් , කොවිඩ් මරණ 190 ක්

ශ්‍රී ලංකාවෙන් අඛණ්ඩව 03 වන දිනයටත් දෛනික කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව 4000 ඉක්මවා ගියා.

ඊයේ මෙරටින් කොවිඩ් ආසාධිතයන් 4446 ක් වාර්තා වූ බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.

මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 398 801 ක් බවට පත්වුණා.

දැනට ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 44 474 ක්.

මේ අතර මෙරට ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව තුන් ලක්ෂ 46 767 දක්වා ඉහළ ගියා.

තවත් කොවිඩ් ආසාධිත මරණ 190 ක් ඊයේ දිනයේදී තහවුරු කෙරුණා.

මේ අනුව ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් මරණ ගණන 7750 දක්වා ඉහළ යනු ඇති.

ඊයේ තහවුරු කල මරණ අතුරින් 150 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 38 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.

අනෙක් මරණ 02 වයස අවුරුදු 30 ට අඩු අයයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles