Saturday, September 21, 2024

ඊයේ දිනයේ විශ්‍රාම වැටුප් කාර්යාලයේ දුරකථන ගොළුවෙයි..

ඊයේ දිනය පුරාවටම මාධ්‍ය විසින් විශ්‍රාම වැටුප් කොමසාරිස්‌ ජනරාල් කාර්යාලයේ දුරකථනට ලඟා වීමට උත්සාහ කරලා. නමුත්, දවස පුරාම විශ්‍රාම වැටුප් කොමසාරිස්‌ ජනරාල් කාර්යාලය ගොළුව තිබී ඇති අතර, හදිසි ඇමතුම් අංකය වන 1970 ඇමතුවද කිසිවකු පිළිතුරු දී නෑ.

පසුව, මේ පිළිබඳ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයේ අංක 1919 ට අමතා කළ විමසීමේදී එම කේන්ද්‍රයෙන් 0112-421647 හා 0112-209800 යන අංක ලබා දී ඇත. එම අංකවලටද කිසිවකු පිළිතුරු දීමට රිසිවරය ලබාගෙන නැත.

ඒ පිළිබඳව යළිත් 1919 අංකය අමතා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් විමසූ විට එහි නිලධාරියකුද 1970 අංකය අමතා ඇත. නමුත්, ඔහුටද විශ්‍රාම වැටුප් කොමසාරිස්‌ ජනරාල් කාර්යාලයේ හෝ දෙපාර්තමේන්තුවේ කිසිවකු කතා නොකිරීම විශේෂත්වයකි. රාජ්‍ය සේවයේ නිරතව සිටින විශ්‍රාම ලබන පිරිසට සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීම හා ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට දුරකථන අංක වෙන්කර තිබුණද ඒවාට රාජ්‍ය නිලධාරීන් පිළිතුරු නොදෙන බවට කරුණු හෙළි වී තිබුණා. ලැබුණු තොරතුරු මත මාධ්‍ය විසිනුත් එම දුරකථන අංකවලට කතා කළ අතර විශ්‍රාම වැටුප් ජනරාල් කාර්යාලය ගොළු වී ඇතැයි සහතික කර ගැනීමට දැන් හැකියාව ලැබී ඇත.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන් දුරකථන අංකවලට කතා කළද ඒවාටද කිසිවකු පිළිතුරු නොදීම පුදුමයක් නොවේද? මේ පිළිබඳ සොයා බැලීමට බලධාරීන්ගේ අවධානය යොමු කළ යුතු නොවේද?

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles