Saturday, September 21, 2024

බැඳුම්කර නිකුතුවේ ඇත්ත මෙන්න – මහ බැංකු නිලධාරීන් හෙළි කරයි..

ඊයේකෝප් කමිටුව හමුවට මහ බැංකුවේ නිලධාරීන් කැඳවා බැඳුම්කර නිකුතුව ගැන ප්‍රශ්න කෙරුණා. එම ප්‍රශ්න කිරීම වලින් අනාවරණය වී ඇත්තේ, මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් මුදල් මණ්‌ඩලය තීන්දුවක්‌ ගෙන නොමැති බවයි.

එනම්, එය ප්‍රතිපත්තිමය තීන්දුවක්‌ මත සිදුකළ බැඳුම්කර නිකුතුවක්‌ද නොවෙන බවයි. කෝප් කමිටුව, එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පස්‌වරු 2.30 ට රැස්‌වුණු අතර, නව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්‌වාමි මහතා ඇතුළු මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු සහ නිලධාරීන් පිරිස්‌ද ඊයේ එම හමුවට කැඳහ්වා තිබුණා.

පස්‌වරු 5.30 වන තුරු කෝප් සාමාජිකයන් විසින් බැඳුම්කර නිකුතුවට අදාළ සිද්ධිය සම්බන්ධව මහ බැංකු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් කර තිබුණා.

විගණකාධිපතිවරයා කෝප් කමිටුවට පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කරුණු මෙම නිලධාරීන්ගේ පිළිතුරු මගින් තහවුරු වී ඇත. අර්ජුන මහේන්ද්‍රන් මහතා කී නිසා එම නිළධාරීන්ද ඊට දායක වී ඇතිබව බව එම නිලධාරීන් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශවලින් පැහැදිලි වී ඇත. කමිටුව හමුවට පැමිණ සිටි නව මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා කෝප් සභාපතිවරයා සාමාජික මන්ත්‍රීවරුන්ට අවසරය ලබා දී ඇති බවත් පැවසෙනවා.

කෝප් කමිටුවේ මීළඟ රැස්‌වීම අගෝස්‌තු මාසය තෙක්‌ කල්තබා ඇත. ඒ, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ වාර්තාව තවදුරටත් අධ්‍යයනය කිරීමට සාමාජික මන්ත්‍රීවරුන්ට කාලය ලබාදීම සඳහායි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles