Sunday, May 5, 2024

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධයක්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව රට පුරා විරෝධයක් ගොඩ නැගෙමින් තිබෙන බවත් එබැවින් මෙම කාරණය සම්බන්ධයෙන් රජය දැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක හා බස්නාහිර පළාත් මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා අද (7) බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

‘විශේෂයෙන්ම වෛද්‍යවරු විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ පාරට බැහැලා ප්‍රශ්නයක් මතුවෙලා තිබෙනවා. ලෝකේ කොතැනකවත් ලාබ ලබන මෙවැනි වෛද්‍ය විද්‍යාල නෑ. මෙතැනින් බිහිකරන වෛද්‍යවරු ගැන විශ්වාසයක් තිබේද කියන ගැටලුව කාටත් තිබෙනවා‘ යැයි ද වර්ණසිංහ මහතා කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles