උතුරු කොරියාව චන්ද්‍රිකා තාක්ෂණ පද්ධතියක් අත්හදා බලයි

0
265

තම රට සාර්ථකව චන්ද්‍රිකා තාක්ෂණ පද්ධතියක් අත්හදා බැලූ බව උතුරු කොරියාව පවසනවා.

ඒ හරහා වෙනත් රටක දත්ත එක්රැස් කිරීමේ හැකියාව පවතින බවයි උතුරු කොරියාව සඳහන් කළේ.

ඊයේ සිදු කළ මෙම අත්හදා බැලීමෙන් තවත් රටක යුදමය තොරතුරු මෙන්ම අතිසුපැහැදිලි ඡායාරූප ලබා ගැනීමට ද හැකියාව පවතිනවා.

මේ අතර, උතුරු කොරියාව විසින් ඊයේ (27) උදෑසන හඳුනා නො ගත් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියානු ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.

එය, මේ වසර තුළ උතුරු කොරියාව සිදු කළ අටවන මිසයිල අත්හදා බැලීමයි.

කෙසේ නමුත් අද මෙම මිසයිලය අත්හදා බලා ඇත්තේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උලෙළ පැවති මාසය තුළ කොරියානු අර්ධද්වීපයේ පැවති සාමකාමී වාතාවරණයෙන් අනතුරුව යි.

2017 වසරෙන් පසු ප්‍රබලතම මිසයිල අත්හදාබැලීමද උතුරු කොරියාව පසුගියදා සිදු කළා.

එරට මිසයිල සහ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සහ එවකට ඇමරිකානු ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති සාකච්ඡා 2019 වසරේ දී බිඳ වැටුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here