Monday, April 29, 2024

හැකි ඉක්මනින් රුසියාවෙන් ඉවත් වෙන්න – ඇමරිකානු පුරවැසියන්ට බරපතල නිවෙිදනයක් !

හැකි වහාම රුසියාවෙන් ඉවත් වීමට කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, මේ වන විට රුසියානු ගුවන් සේවාවන්ට ලොව බොහෝ රටවල් සිය ගුවන් සීමාවට ඇතුළු වීම තහනම් කර තිබීම හේතුවෙන් ඉදිරියේ දී රුසියාවෙන් පිටතට යාම අතිශය දුෂ්කර කරුණක් විය හැකියි බවයි.

ඒ හේතුවෙන් මේ වන විටත් ක්‍රියාත්මක වන වාණිජ ගුවන් සේවාවන් භාවිත කරමින් වහා ම ඒ රටින් පිටවීමට අවකාශ සලසා ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාවේ රැඳී සිටින එරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

“පවතින වාණිජ විකල්ප ගුවන් සේවාවන් හරහා වහා ම රුසියාවෙන් පිටවීම ගැන සලකා බැලිය යුතුය,” යනුවෙන් මොස්කව්හි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙබ් අඩවියේ පෙබරවාරි 27 දින ආරක්ෂක අනතුරු ඇඟවීමේ සටහන් කර තිබුණා.

එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, “එක්සත් ජනපද රජයේ ආධාර මත රඳා නො පවතින හදිසි සැලැස්මක්” ලෙස සලකා රටින් පිට ව යෑමට සැලසුම් කළ යුතු බව යි.

මේ අතර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රුසියාව සඳහා එහි සංචාරක උපදේශනය තබා ඇත්තේ, “4 වැනි මට්ටමේ සංචාරය නො කරන්න” යන දැඩි අවවාදාත්මක තත්ත්වයේ යි.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු යුරෝපීය රාජ්‍යයකට එල්ල කරන ලද විශාලතම ප්‍රහාරය වන රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ ම එක්සත් ජනපද හා යුරෝපීය රජයන් රුසියානු බැංකු සහ මූල්‍ය ආයතනවලට සම්බාධක පැනවීමට කටයුතු කළා.

මේ සමඟ ම මෙම ආක්‍රමණය මේ වන විට බටහිර ජාතිකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන බවටත් තොරතුරු වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles