Friday, September 20, 2024

උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ යුතුයි – ආර්. සම්බන්ධන් බ්‍රිතාන්‍ය ඇමැතිට කියයි

උතුර නැගෙනහිර අනිවාර්යයෙන්ම ඒකාබද්ධ කළ යුතු බව ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන් බ්‍රිතාන්‍ය ඇමැති මාර්ක්‌ µSල්ඩ් සමඟ සාකච්ඡාවක්‌ පවත්වමින් ප්‍රකාශ කර ඇත.

රජය යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවොත් සාහසික ක්‍රියා ඇති වන බවටද සම්බන්ධන් බ්‍රිතාන්‍ය ඇමැතිවරයා හමුවේ අනතුරු ඇඟවීය.

එළඹී ඇත්තේ අසීරුතම යුගයක්‌ බවත් ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව සඳහා ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් විය යුතු බවත් සම්බන්ධන් තවදුරටත් ප්‍රකාශ කර ඇත.

රැඳවුම් භාරයේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් නිදහස්‌ කර හමුදාව යටතේ ඇති ඉඩම් මුදාහැරීම සහ අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා විසඳුමක්‌ ලබාදීම යන කරුණු ඉටු කරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකා රජයට බලපෑම් කළ යුතු බවද සම්බන්ධන් බ්‍රිතාන්‍ය ඇමැති මාර්ක්‌ පීල්ඩ් හමුවේ පවසා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles