උද්ඝෝෂකයන්ට බැටන් පහර, කඳුළු ගෑස් ගහන්න එපා. ජනපති මහජන ආරක්ෂක ඇමතිට දැනුම් දෙයි

0
276

උද්ඝෝෂකයන්ට හා වැඩවර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර ,කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමේදී මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාට දැනුම් දී තිබේ.

ඕනෑම අයකුට කැමති ආකාරයෙන් උද්ඝෝෂණ කිරීමට ඉඩ දෙන්නැයි ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ජනතාව තීරණයක් ගනු ඇති බවත් සඳහන් කර ඇත.

උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට සරත් වීරසේකර ඇමතිවරයා කැබිනට් රැස්වීමේ දී කළ ප්‍රකාශයක් සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

සරත් වීරසේකර ඇමැතිවරයා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වර්ජකයන්ට එරෙහිව රජය කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් , ඔවුන් දිගින් දිගටම වර්ජන හා උද්ඝෝෂණ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here