එක්සත් ජාතීන් ඇමතීමට ජනපති ඇමරිකාව බලා පිටත්ව යයි

0
376

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) අළුයම දිවයිනෙන් පිටත්ව ගියා.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරය පැවැත් වෙනවා.

ජනාධිපතිතුමා දිවයිනෙන් බැහැරව විදේශ සමුළුවකට සහභාගී වන සහ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී රාජ්‍ය නායක සමුළුව අමතන පළමු අවස්ථාව මෙය වනවා.

ලබන 22 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමුළුව ඇමතීමට නියමිත අතර මෙම සැසිවාරය අතරතුර ජනාධිපතිවරයා, රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන අය මෙම සංචාරයට එක්ව සිටින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here