Thursday, November 14, 2024

එක් ආසාධිතයෙකු හමුවී සමස්ත නවසීලන්තයම දින 03 කට ලොක්ඩවුන්

නවසීලන්තයේ විශාලම නගරය වන ඕක්ලන්ඩ් නගරයෙන් එක් කොවිඩ් ආසාධිතයෙකු හමුවීමත් සමග සමස්ත නවසීලන්තයම දින 03 කට ලොක්ඩවුන් කර තිබෙනවා.

නවසීලන්තයෙන් මාස 06 කට පසු සමාජ සම්ප්‍රේෂණයකින් කොවිඩ් ආසාධිතයෙකු හමුවූ පළමු අවස්ථාව මෙයයි.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් නිවේදනය කලේ ඕක්ලන්ඩ් නගරය සතියක් වසාදැමෙන අතර අනෙක් ප්‍රදේශ දින තුනක් සඳහා වසාදැමෙන බවයි.

හඳුනාගත් ආසාදිතයාට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී ඇතැයි යන අනුමානය මත තමා එවැනි තීරණයක් ගත් බව ද අගමැතිනිය සඳහන් කලා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles