එක රටක් එක නීතියක් බලකාය උතුරේ ජනතාවගේ ගැටලු සොයා බලන්න යයි

0
606

“එක රටක් එක නීතීයක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීමට තීරණය කර තිබේ.

එහි සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළේ ඊයේ (20) දිනයේ සිට උතුරු පළාතේ ජනතාවගේ ගැටලු අධ්‍යයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය.

ඒ අනුව ඊයේ දිනයේ දී වව්නියාව දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලූ බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සඳහන් කළහ.

“අපේම ජනතාවගේ ගැටලු ප්‍රශ්න මොනවාද කියලා අපි සාකච්ඡා කළා. දැන කියා ගත්තා. ඒවා යෝජනා විදියට සකස් කරලා ජනාධිපතිතුමාට බාර දීලා කාගෙත් බලාපොරොත්තුව වෙච්ච ‘එක රටක් එක නීතීයක්’ ගොඩනැගීම වෙනුවෙන් වූ වැඩසටහනට මේ අදහස් දායක කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මේක කාගෙත් හිතේ තියෙන බලාපොරොත්තුවක්. කවුරුත් මේ ව්‍යාපෘතියට අත ගැහුවේ නෑ. මොකද විවිධ හේතු නිසා. කවුරුත් කැමති එක රටක බොහොම ලස්සනට ජීවත් වෙන්න. අපිට පුලුවන් නම් අපේ තියෙන විවිධත්වන් තේරුම් අරගෙන එක ජන කොටසක් හැටියට එක ජාතියක් හැටියට සැබෑ ලෙසම ජාතික ඒකාබද්ධතාවය හදන්න නම් අඩුම තරමේ එක නීතියක් යටතේ ගොනු විය යුතුයි. ඒක කරන්න ගොඩක් මහන්සි ගන්න ඕනේ. එහෙම වුණොත් ජයග්‍රහණය කරන්න පුලුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here