එජාපයෙන් 36,000 ක සන්නිවේදන බළකායක්

0
294

2020 දී ජාතික මැතිවරණ ව්‍යාපාරය ඉලක්ක කරගෙන පක්ෂයට බලමුළු තර කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇත.

මේ අනුව අගමැතිවරයාගේ උපදෙස් මත දිවයිනේ සියලූ මැතිවරණ කොට්ඨාස ආවරණය වන පරිදි 36,000 ක ප්‍රාදේශීය සන්නිවේදන බළකායක් ස්ථාපිත කිරීමට කටයුතු යොදන ලෙස එජාප සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතාට දැනුම් දී ඇත.

එළඹෙන පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උනන්දු වීමට වඩා 2020 ජාතික මැතිවරණ දෙක ඉලක්ක කරගෙන එජාපයේ සංවිධාන ශක්තිය වැඩි කර ගැනීමට කටයුතු කිරීම සුපුරුදු පරිදි වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා බොහෝ දුර පවතින අපේක්ෂා සහිත දේශපාලන තීරණයක් විය හැකි බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මේ අතර ජාතික යොවුන් පෙරමුණ හා ලක්වනිතා සංවිධානය ක්‍රියාකාරීන් කැඳවා විශේෂ වැඩමුළු සංවිධානය කිරීමට ද මේ අනුව කටයුතු යොදා ඇත.

(සුජිත් මංගල ද සිල්වා)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here