Sunday, January 12, 2025

එදා සජිත් ප්‍රේමදාසට පෑඩ් මෑන් කිව්වා. දැන් පෑඩුත් නෑ, යට ඇඳුමුත් නෑ. ඔන්න ආණ්ඩුවෙ කෙරුවාව

රජය කියනා පරිදි ජංගම දුරකථන, පරිගණක වැනි දෑ අත්‍යාවශ්‍ය භාණ්ඩ නොවන්නේ කෙසේද යන ප්‍රශ්නය මේ මොහොතේ පැන නඟින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. 

“දැන් ඊයෙ වෙනකොට තවත් භාණ්ඩ ගණනාවකටම රජය තහංචි දැම්මා අපේ රට තුළට එන අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ කියලා. මං දන්නෑ ඉතිං මේ දුරකථනයක් අත්‍යාවශ්‍ය නොවන්නේද, පරිගණකයක් අත්‍යාවශ්‍ය නොවන්නේද, සමහර සමහර මේ දවස්වල කතාවෙන ඇඳුම් ආයිත්තම් අත්‍යාවශ්‍ය නොවන්නේද කියලා. 

දැන් ඒ දවස්වල මතකයිනෙ අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට නමකුත් දැම්මානෙ පෑඩ් මෑන් කියලා, කාන්තාවන්ට සනීපාරක්ෂක කට්ටල නිකම් දෙනවා කියලා. දැන් සනීපාරක්ෂක කට්ටලත් නෑ, යට ඇඳුමුත් නෑ. ඔන්න කරපු කෙරුවාව !” 

නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles