එන්නත්කරණයෙන් පසු පාසල් විවෘත කළ හැකියි

0
329

ළමයින් එන්නත්කරණයට  ලක් කළ පසු පාසල් විවෘත කළ හැකි බව රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
උසස් පෙළ පංතිවල සිට පහළ  පන්ති දක්වා එය ක්‍රමානුකූලව කළ යුතු බවද හෙතෙම සඳහන් කළේ‍ය.

එන්නත් නොකර ළමයින් කැද වුවහොත් පාසල් පොකුරක් ඇතිවිය හැකි බවත් එවැනි තත්වයක් ඇති වුවහොත් සෞඛ්‍ය අංශ ඇතුළු  සියලු ක්ෂේත්‍ර  කඩාවැටී හැකි බවත් මහාචාර්යවරයා   පැවසුවේය.

පාසල් විවෘත කිරීම ක්‍රමවේදයක් යටතේ  කළ යුතු බව පැවසූ  අර්ජුන ද සිල්වා මහතා පාසල් දරුවන්ට සුදුසු  එන්නත  ඒ සඳහා පත් කර ඇති කමිටුව මාර්ගයෙන්  තෝරා  ගත යුතු බවත්  ඔහු ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here