Sunday, April 28, 2024

මගේ අදහස නම් රට විවෘත කළ යුතුයි – කබ්රාල්

තමන්ගේ මතය නම් රට විවෘතව තැබිය යුතු බව යයි මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

සතිඅන්ත පුවත්පතක් සමඟ ඒ මහතා මෙම අදහස් පළ කර තිබේ.

‘මගේ මතය නම් මේ රට විවෘතව තැබිය යුතුයි කියලයි. රට විවෘත නොකොළොත් ඉතා දැවැන්ත පාඩුවක් රටට විඳින්න වෙයි. රටේ ලක්ෂ 45ක වැඩි ප්‍රමාණයක් ඉතාම බරපතල ආර්ථික අවපාතයකට මුහුණ දෙන්න වෙනවා. එසේ නොවන්න නම් ජීවනෝපාය රැකගන්න රට විවෘත කළ යුතුයි කියලයි මගේ අදහස’

රට වසා තැබිම මත දිනකට බිලියන 15 ක පමණ පාඩුවක් සිදුවන බවත් පැවසූ ඔහු එසේ දින දහයක් රට වසා තැබුවත් බිලියන 150ක් අහිමි වන බවද කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles