සිරින්ජර සහ එන්නත් කටු භාවිතා කරමින් එන්නත් විදීමට මැලිකමක් දක්වන පුද්ගලයන්ට සුදුසු කොරෝනා එන්නතක් ඉන්දියාව විසින් නිෂ්පාදනය කර ඇත.
ලොව ප්රථම DNA එන්නත වන එය සයි-කොවිඩ් නමින් හදුන්වා දී ඇත. එන්නත් කටු භාවිතයෙන් තොරව එය සම මත තෙරපීමෙන් සිරුරට අවශොෂනය කර ගැනෙන බව සදහන්ය.
කොරෝනා වෛරස ආසාදනයට එරෙහිව 67% ක රැකවරණය සලසන අතර එය ඉන්දියාවේ ළමයින් සදහාද අනුමත කර ඇත.