Sunday, September 22, 2024

එන්නත් තුනක ශක්තිය ගැන හෙළිදරව්වක්

මෙරට භාවිතා කෙරෙන කොවිඩ් මර්දන එන්නත් තුනකින් ලැබෙන රැකවරණය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා ඒකකයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය තොරතුරු රැසක් අද (26) අනාවරණය කළාය.

ඇය මෙම තොරතුරු අනාවරණය කළේ එම එන්නත් තුන සම්බන්ධයෙන් බහරේන් රාජ්‍යයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක් පදනම් කරගෙනය.

මේ අනුව සයිනොපාම් එන්නත ගත් පුද්ගලයකුගේ කොවිඩ් මරණ අනුපාතය සියයට 0.46ක් වශයෙන්ද ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට0.15ක් වශයෙන්ද ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ලබා ලබා ගත් පුද්ගලයකුගේ මරණ අනුපාතය සියයට 0.03 ක් වශයෙන්ද සටහන් වන බව මහාචාර්යවරිය කීවාය.

එසේම සයිනොෆාම් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත්වීමේ හැකියාව ඇත්තේ ඉන් පුද්ගලයන් තුන්සිය පනස් දෙනකු පමණක් බව ඇය අනාවරණය කරයි.

එම 350 දෙනාගෙනුත් මිය යෑමේ ප්‍රවණතාව ඇත්තේ එක් පුද්ගලයකු පමණක් බව සඳහන් වේ.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ගත් ලක්ෂයක පමණ පිරිසකගෙන් කොවිඩ් ආසාදිතයන් බවට පත් වන්නේ 136 දෙනෙකු පමණක් බවත් එහිදී එම 136 දෙනාගෙන් එක් පුද්ගලයෙකු මියයාමේ සම්භාවිතාව සියයට .02 ක් බවත් බහරේන් පරීක්ෂණය මඟින් තොරතුරු හෙළිවී ඇතැයි මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පැවසුවාය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles