එන්නත් මාත්‍රා දෙකම නොගත් අයට පොදු ස්ථානවලට යන්න බැරි වෙයි ? – නීතිපති තමන්ට දැනුම් දුන් බව කෙහෙළිය කියයි

0
391

කොරෝනා එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් පුද්ගලයින්ට පොදු ස්ථානවෙත ඇතුළු වීම තහනම් කිරීමට නිත්‍යානුකූල බලයක් ඇති බව නීතිපති විසින් තමන් වෙත දැනුම් දුන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව අමාත්‍යවරයා කියා සිටියේ කොරෝනා එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයින්ට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මේ සඳහා ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දෙන බවද ඔහු එහිදී සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here