Saturday, September 21, 2024

එන්නතේ බලය ක්‍රමානුකූලව අඩුවී යළිත් කොවිඩි පැතිර යාමේ අවධානමක්

මෙරට බොහෝ පිරිසකට එන්නත්  මාත්‍රා දෙකම ලබාදී මේ වන විට  මාස 6ක් සම්පූර්ණ වෙමින් පවතින බවත් එන්නතේ බලය ක්‍රමානුකූලව අඩු වී රෝගය පැතිර යාමේ වර්ධනයක් දක්නට ලැබීම හේතුවෙන් ජනතාව එක්රැස් වීම, අවම කර මේ මොහොතේ ජනතාව කල්පනාකාරීව කටයුතු කළ යුතු බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ (14දා) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

“අනුරාධපුර පූජා නගරය තුළ පසුගිය සති දෙකක කාලය තුළ රෝගීන්ගේ කැපී පෙනෙන වැඩි වීමක් දක්නට ලැබෙනවා. මුළු ලංකාව පුරාම කොවිඩ් වෛරසය පැතිර යාමේ යම් ප්‍රවණතාවක් මේ වන විට දක්නට ලැබෙනවා. පූජා නගරවල සහ ජනතාව  වැඩි වශයෙන් එකතු වනස්ථාන වල වෛරසය  කැපී පෙනෙන ලෙස වැඩි වී තිබෙනවා.

ඉදිරි  සති කීපය තුළ අපි වඩා  සැලකිලිමත් වෙන්න ඕනේ. ආගමික ස්ථානවලට කණ්ඩායම් වශයෙන් සහභාගී වන එක සුදුසු නැහැ.  අවශ්‍යම නම් තනි තනියම හෝ පවුලේ ළඟම සාමාජිකයන්  සමග වන්දනා කටයුතු කරන්න පවුලේ අයත් එක්ක. සීයක් දෙසීයක් එන වන්දනා ගමන් නතර කරන්න, එය මේ  වෙලාවේ සුදුසු නැහැ.

මේ වනවිට   එන්නත් මාත්‍රා දෙකම ලබා දී දැන් මාස හයක් පමණ කාලයක් ගත වෙලා  තිබෙනවා. ලෝකයේ කරපු පරීක්ෂණ වලින් පෙනෙන දෙයක් තමයි, මාස හයක් ගියාම එන්නත්  මාත්‍රා දෙකම ගත්ත පුද්ගලයන්ගේ  ප්‍රතිශක්තිකරණය අඩුවක් ක්‍රමානුකූලව  සිද්ධ වෙනවා කියන එක, ඒ නිසා තමයි අපි තීරණය කළේ ෆයිසර් එන්නත්  මාත්‍රාවක්,  තුන්වන මාත්‍රාවක්  විදියට  ප්‍රතිශක්තිකරණ ඉහළ නංවන්න ලබා දෙන්න ලබා දෙන්න.

නොවැම්බර් සහ දෙසැම්බර්  වැසි පවතින කාලයක්  ඒ නිසා මේ මාස දෙක සෙම් ආශ්‍රිත රෝග වැඩි වශයෙන් ආසාදනය  වන කාල සීමාවක්.  එහෙම බලන කොට එන්නතේ බලය අඩු වෙලා රෝගය පැතිර යාමේ වැඩි අවදානමක් තිබෙනවා. ජනතාව පාරට බස්සලා උද්ඝෝෂණ කරවන, ජනතාව අමාරුවේ දාන එක වීරත්වයක් නෙමෙයි, ඇත්තටම ඒ ජනතාව අමාරුවේ දැමීම ලැජ්ජා විය යුතු කාරණයක් විදිහටයි අපි දකින්නේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles