එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහාත් අවසර හිමිවෙි

0
365

එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙස පොලිස්පති සි.ඩි.වික්‍රමරත්න විසින් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත ඊයේ දිනයේදී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව එම එළිමහන් සංගීත සංදර්ශණ පැවැත්වීම සඳහා අවසර ලබාදීමට කටයුතු කරන ලෙසයි පොලිස්පතිවරයා නියෝග කර ඇත.

මේ අනුව සඳුදා, අඟහරුවාදා සහ බදාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සවස 6 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුලදී එළිමහන් සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර හිමිවනවා.

සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල සවස 6.00 සිට අලුයම 1.00 දක්වා ද ඉරිදා දිනවලදී සවස 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා එළිමහන් සංගීත සංදර්ශන පැවත්වීමට අවසර හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here