Sunday, May 19, 2024

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම නිලධාරීන්ගෙන් සහායක් නෑ – ජනපති

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පුවත්පත් කතුවරුන් සමග පැවති සාකච්ඡාවකදීය.
හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම කෘෂිකර්ම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව එම සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රට තුළ පවතින වත්මන් තත්ත්වයන් පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වත්මන් පොහොර ගැටලුව පිළිබඳ පුවත්පත් කතෘවරුන් කළ විමසීමේදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් තමන් ආරම්භ කළ වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් නිසි සහයෝගයක් නොලැබුණ බවය.

හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ගොවීන් මානසිකව සුදානම් කිරීමේ වගකීම එම නිලධාරීන් අතින් නිසි පරිදි ඉටුනොවූ බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

තමා බලයට පත්වන විට මෙරට විදේශ සංචිත ඩොලර් බිලියන 7 දශම 3 ක්ව තිබූ බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ කොව්ඩ් අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය, අපනයන ක්ෂේත්‍රය බිඳවැටීම තුළ ඇති වු විදේශ ප්‍රේෂණ අඩුවීම එම විදෙස් සංචිත පහළ බැසීම සඳහා දැඩි ලෙස බලපෑ බවයි.

මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආනයන සීමා කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක් ගත් අතර ඒ තුළින් ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට ඉහල වෙළඳපොළක් නිර්මාණයවීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

එමෙන්ම, පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉහළ නැංවීම රටේ ප්‍රමුඛ අවශ්‍යතාවක් වුවද, ඊට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව එහිදී සාකච්ඡා වී ඇත.

ජනාධිපතිවරයාගේ කාබනික පොහොර ව්‍යාපෘතිය අදාල පොහොර ලේකම් කාර්යාලය, රජයේ පොහොර සමාගම් දෙක වන සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා සීමාසහිත ලංකා පොහොර සමාගමත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ යටතේ ගැසට් කර තිබේ.  

කෙසේවුවද බොහෝදෙනා කතාබහට ලක්නොකළත් ආනයන සීමාකිරීම් හමුවේ ගම්මිරිස් ගොවියන්ගේ ආදායම ඉහළ යාම, කහ වගාකරුවන්ට හොඳ මිලක් ලැබීම, එතනෝල් ආනයනය නතර කිරීම නිසා මෙරට උක් ගොවීන්ගේ ආදායම ඉහළ යාම වැනි ධනාත්මක කරුණු රැසක් ද සිදුවූ බව ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානින් හමුවේ පැවසුවේය.

එමෙන්ම තමා ධුරය ආරම්භ කළ පසු විදේශ ණය ලබාගනිමින් කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ නොකළ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඇතැම් රාජ්‍ය ආයතනවලට ලේකම්වරු, සභාපතිවරු පත්කිරීමේදී උගත්කම මෙන්ම දේශපාලන ධාරාව පිළිබඳ අවබෝධයක් ඇති සමතුලිත පිරිසක් පත්කිරීම වැදගත් බව ජනාධිපතිවරයා පැවසුවේය.

ඔහු සඳහන් කළේ තමා පත්කළ ඇතැම් නිලධාරීන් උගත්කම අතින් පරිපුර්ණ වුවත් රාජකාරී කිරීමේදී යම් දුරස්ථභාවයක් දක්නට ලැබෙන බවය.

කාබනික පොහොර වැඩසටහන යටතේ සියයට තිහක් කාබනික පොහොර භාවිතයෙන්ද ,සියයට හැත්තෑවක් රසායනික පොහොර භාවිතයෙන් ද සිදුකරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය මුලින් පැවසුවද පසුව ඒ දෙකේ මිශ්‍රණයක් ලෙස සිදු කරන්නට ඔවුන් කටයුතු කළ බවද හෙතෙම කීවේය.

රසායනික පොහොර ආනයනය නම් කරනු ලැබුවේ කාබනික පොහොර වැඩසටහන ආරම්භ කර වසර කට පසුව බවද ඔහු සඳහන් කළේය .

චීන පොහොර නැවේ ප්‍රමිතිය සහතික කිරිමට පෙර බැංකුවේ එල් සී විවෘත කිරීම වැරදි බව ද ඔහු කීවේය .

කෙසේ වෙතත් කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සිය ධුරකාලයේ මුල් වසර දෙකම වැය වුවද ඉදිරි වසර තුනේදී ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු‍ වගකීම් ඉටුකරන බව ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles