Monday, May 6, 2024

ලබන අලුත් අවුරැද්දේ ඇතිවිය හැකි ආහාර හිඟයක් ගැන රනිල් කතා කරයි

රටෙි පවතින ඩොලර් හිඟය පිළිබඳව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.

ඩොලර් හිඟය ඉතාමත් දරුණු තත්ත්වයකට පත්ව තිබෙන බව ද ඔහු එම ප්‍රකාශයෙන් සඳහන් කර ඇත.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත් රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත් ගොවින් අතරමන් වී ඇති බවත් මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙයි.

කොවිඩ් වසංගතය පැවතියද 2020 – 2021 වර්ෂවල රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බව ඔහු පැවසුවේය.

පවතින ප්‍රශ්න විසඳා ගැනීම සඳහා මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව ද රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බව ද සඳහන් කර සිටි ඒ මහතා, මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් සඳහන් කළේය.

එමෙන්ම ලබන වසරේ අලුත් අවුරුද්ද වන විට දැඩි ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට පාර්ශව රැසක් දැනටමත් අනාවැකි පළ කර ඇති බවද ඒ මහතා කියා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා,

“දැන් තවත් ප්‍රශ්නයකට අපිට මුහුණ දෙන්න අපිට සිදුවෙලා තියෙනවා. ඒක තමා මේ රටේ ඇති වෙන්න යන ආහාර හිඟය. එන හැම ආරංචියක් අනුවම සිංහල අවුරුදු කාලේ වෙනකොට රටේ ආහාර හිඟයක් ඇති වෙනවා. බොහෝ ප්‍රදේශවලින් වාර්තා කරන්නේ මේ සැරේ අස්වැන්න ගිය සැරේ අස්වැන්නෙන් 60%ක ප්‍රමාණයක් කියලා. මෙවැනි තත්ත්වයක් ඇති වුණොත් අපිට මුහුණදෙන්න තියෙන දේශපාලන පසුබිම ගැන හිතන්න. කෝප වුණ ජනතාව අතර පිපිරීමක් ඇති වෙයි. ඒ පිපිරීම ආණ්ඩුවටත් අපේ පාර්ලිමේන්තුවටත් දෙකටම බලපානවා. එහෙම නම් මේක වළක්වා ගන්න උවමනායි රට දියුණු කරන්නම්. දැනට ආණ්ඩුව ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා ණයට තෙල් ගන්න, ණයට ආහාර ගන්න. ඒ සාකච්ඡා වහාම අවසන් කරන්න. ඒ වගේම ඉන්දියාව සමග ඇතුළුවෙන්න තියෙන ගිවිසුම් ඒ වගේම අවසන් කරන්න. මේ ආහාර ලබාගන්න. ණය ගැනීමෙන්වත් බඩු භාණ්ඩ ණයට ගැනීමෙන්වත් මේ රටේ විදේශ විනිමය තත්ත්වය විසඳෙන්නේ නෑ. නමුත් තාවකාලික සහනයක් ගන්න හරි මේ ණයට ආහාර ගන්න, ණයට තෙල් ගන්න වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා මම ආණ්ඩුවට දැනුම් දෙනවා.” යනුවෙන් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles