ඒරෝෆ්ලොට් ආයෙත් එයි!

0
298

පසුගිය කාලයේ ඇතිවූ අනවබෝධයක් නිසා නවතා දමා තිබී මොස්කව් සහ කටුනායක අතර රුසියානු එරෝෆ්ලොට් ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට එම ආයතනය එකගතාව පළ කළ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල පවසනවා. ඒ අනුව ඔක්තෝබර් නව වනදා සිට එම ගුවන් ගමන් යළිත් ආරම්භ කරනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.

රුසියානු ඵරෝෆ්ලොට් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කෙරෙණ වාණිජ ගුවන් ගමන් අත්හිටුවනු ලැබුවේ ඵම ගුවන් සේවයට අයත් යානයකට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි මස 02වනදා නිකුත් කළ  වාරණ නියෝගය හේතුවෙන්.

කොළඹ වාණිජ මහාධිකරණය, ජූනි 16 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි වාරණ නියෝගය නිකුත් කළේ, අයර්ලන්තයේ පිහිටි සමාගමක් විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුවයි. මේ හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිට රුසියාවට යාමට සිටි මගීන් රැගෙන යාමට ද රුසියානු ඵරෝෆ්ලොට් ගුවන් සේවය සිදු වුණේ වෙනත් ගුවන් යානා මගින්. 

කෙසේවෙතත් එම ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යාම වළක්වාලමින් නිකුත් කළ වාරණය කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් ජූනි 06 වනදා අත්හිටවනු ලැබුවා. ඒ, නීතිපතිවරයා කොළඹ මහාධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඵරෝෆ්ලොට් ගුවන් සේවයේ  ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ඵරට විදේශ අමාත්‍යාංශය වෙත කැඳවා, සිය අප්‍රසාදය පළ කර තිබුණා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here