Sunday, May 19, 2024

සමාජවාදීන් 84ක් කූඩුවේ!

සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතාවය අතරතුර කලහකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අතර මාධ්‍යවේදී විමල් කැටිපෙආරච්චි, එරංග ගුණසේකර සහ මහනාම හිමි ආදී ක්‍රියාකාරිකයෝ රැසක් වෙති.

කොළඹ පුරහල අසලින් ගමන් ආරම්භ කළ පාගමන කොළඹ කොටුව දක්වා ගමන් කිරීමට සැලසුම් කර තිබුණි.

කෙසේවෙතත් විරෝධතාකරුවන් ඩීන්ස් පාර ඔස්සේ මරදාන දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමේදී පොලීසිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී කදුළු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාර එල්ල කරමින් පාගමන විසුරුවා හැරීමට පියවර ගත්තේය.

විරෝධතාවය අතරවාරයේ තුවාල ලැබූ විරෝධතාකරුවන් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ස්වාමීන් වහන්සේ දෙනමක්, පිරිමි පුද්ගලයින් 78 දෙනෙකු සහ කාන්තාවන් සිව්දෙනෙකු සිටින බව පොලීසිය පැවසීය.

සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර ද අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන් ය.

“අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට” යන තේමාව යටතේ මෙම පාගමන සංවිධානය කර තිබුණි. කෙසේ නමුත් මෙම අත්අඩංගුවට ගැනීම් ගැන සමාජ මාධ්‍ය තුළ ආණ්ඩුවට එරෙහි දැඩි විරෝධයක් දක්වා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles