Saturday, September 21, 2024

ඔක්සිජන් සැපයුම දෛනිකව නිරීක්ෂණය කරන්නැයි උපදෙස්

දිවයිනේ සෑම රෝහලකම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍ය ඔක්සිජන් සැපයුම සම්බන්ධයෙන් දෛනිකව නිරීක්ෂණය කරමින් ඒ සඳහා නිසි ක්‍රියා මාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔක්සිජන් අවශ්‍ය කරන සෑම රෝගියෙකුටම හිගතාවයකින් තොරව ඔක්සිජන් ලබා දීමට හැකි උපරිම පියවර ගන්නා ලෙස සහ ඒ සඳහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග සෞඛ්‍ය හා තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ගන්නා ලෙසයි අමාත්‍යවරයා දන්වා ඇත්තේ.

ඔක්සිජන් නොමැතිව කිසිදු රෝගියෙකු මියයාමට ඉඩ නොතැබිය යුතු බවත්, ඒ සඳහා අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙසත් කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී තිබෙනවා.

මේ වන විටත් දෛනික ඔක්සිජන් අවශ්‍යතාව සම්බන්ධයෙන් සොයා බලන අතර එය තවදුරටත් කාර්යක්ෂම කරමින් අවශ්‍යතාවේ අඩු වැඩි වීම් පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙසයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා දන්වා ඇත්තේ.

මෙරට දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80 ක් වන අතර මේ වන විට එම තත්ත්වය ඉක්මවමින් පවතිනවා.

ඒ අනුව කොවිඩ් ව්‍යසනය ඇතිවීමට පෙර මෙරට ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 20 ත් 25 අතර පැවති අතර එම තත්ත්වය මේ වන විිට වඩාත් ඉහළ මට්ටමකට පත් වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles