ඔන්ලයින් හරහා ඡන්ද නාම ලේඛන ලියාපදිංචියට

0
306

2021 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි වීම සඳහා ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේද පහසුකම් සලසා දී තිබෙනවා. ඒ, රට තුළ පවතින කොවිඩ් වාතාවරණය හමුවේ ගණන් ගන්නා නිලධාරීන්ට පෙර මෙන් ගෙයින් ගෙට ගොස් සංඝණන කටයුතු සිදු කිරීමට නොහැකිවීම හේතුවෙන්.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ සුදුසුකම් ලත් සියලු පුරවැසියන් අත් නොහැරෙන ලෙස ඡන්ද හිමි නාමලේඛණයක් සකස් කිරීම මැතිවරණ කොමිශන් සභාවේ අපේක්ෂාව බවයි. 2021 වර්ෂයේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here