Monday, May 20, 2024

රාජ්‍ය ආදායම් වර්ධනයට කමිටුවක්

රාජ්‍ය ආයතනයක ආදායම් තත්වය වර්ධනය කිරීමත්  දූෂණ අක්‍රමිකතා අවම කිරීමත්  සඳහා ගත ගත හැකි පියවර සම්බන්ධයෙන් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුගෙන් යුතු කමිටුවකට පවරා ඇත.

එසේ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දී ඇති ආයතන වන්නේ  ශ්‍රී ලංකා රේගුව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ,ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව,සමෘද්ධි දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි.

ඉදිරි අයවැයේදී මෙම ආයතනවලට මුදල් වෙන් කිරීමේදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් යම් පූර්ව  අදහසක් ලබා ගැනීම  එම වාර්තාව කැඳවීමේ අරමුණ බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles