Sunday, January 12, 2025

ඔමික්‍රෝන් ඇතුළු වුනොත් ලංකාව හාන්සියි, වසන්තය ඉවරයි

විදේශයන්හි සිට මෙරටට පැමිණීමේදී ගුවන්තොටුපල සිදුකරන කොරෝනා පරීක්ෂණ මේ වන විට අත්හිටුවා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට පැමිණීමේදී පී.සී.ආර්. පරීක්ෂණ නොමැතිවීම හේතුවෙන් මේ වන විට දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකින් වාර්තාවන ඔමික්‍රෝන් නැමැති කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියයි.

නව ප්‍රභේදය නැවත නැවතත් ආසාදන විය හැකි ප්‍රභේදයක් මෙන්ම සියලු එන්නත් ප්‍රතිවිරෝධී ප්‍රභේදයක් බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව සැලකිලිමත් නොවී එම ප්‍රභේදය රටට ඇතුල්වීම යනු සියලු දෙනාගේ වසන්තය ඉවර වීම බව ද ඔහු පැවසීය.

රටට ඇතුල්වෙන අයට කොරෝනා පරීක්ෂණ සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ නිකුත් කර ඇති බවත් වහාම එය අත්හිටුවා පරීක්ෂණ නැවත ආරම්භ කළ යුතු බවත් ඔහු අවධාරණය කරයි.

එසේ නොකළොත් ‘ලංකාව මෙදා පාර හාන්සියි’ යනුවෙන් ද ඔහු කියා සිටියේය.

ඊයේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

“දකුණු අප්‍රිකාවෙන් හදුනාගත් ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව සැලකිලිමත් නොවුණොත්, වසන්තය ඉවරවෙනවා නියතයි. අපි රටක් විදිහට යම් ප්‍රමාණයක් හෝ කොවිඩ් පාළණය කරගෙන ඉන්නේ ස්වභාවික ප්‍රතිශක්තිය නිසා සහ එන්නත් ප්‍රතිශක්තිය නිසා.
ඔමික්‍රෝන් ප්‍රභේදය නැවත ආසාධනය විය හැකි ප්‍රභේදයක්. ඒ වගේම දැනට තියන එන්නත් සියල්ලට ප්‍රතිරෝධී ප්‍රභේදයක්. ඒ නිසා ඔමික්‍රෝන් රටට ඇතුලු වෙනවා කියන්නේ, කාගේ කාගෙත් වසන්තය ඉවර වෙනවා කියන එකයි.
ඒත් කාගේ හෝ ලණුවක් කාපු නිසා රටක් විදිහට අපි තාම රට ඇතුළුවෙන අයගේ PCR පරීක්ෂණ කරන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නොකරන්න මාර්ගෝපදේශ හදලා. වහාම “On Arrival” PCR පරීක්ෂණ සිදු කිරීම ඇරඹිය යුතුයි. එහෙම නොවුනොත් මෙදා පාර ලංකාව හාන්සියි.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles