ඔමික්‍රෝන් BA2 උප ප්‍රභේද වයිරසය ලංකාවේ පැතිරයාමේ අවදානමක්

0
343

ඔමික්‍රෝන් ප්‍රභේදයේ බී.ඒ.‍ටු (BA2) උප ප්‍රභේද වයිරසය ශ්‍රී ලංකාව තුළද පැතිරයාමේ අවදානමක් ඇති බැවින් ජනතාව සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අඛණ්ඩවම පිළිපැදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරයි.

දකුණු කොරියාව, චීනය සහ එංගලන්තය වැනි රටවලින් දැනට මෙම නව උප ප්‍රභේදය වාර්තා වී ඇත.

ලෝකයේ පවතින ගුවන් සංචර ක්‍රමවේද හරහා මෙය මෙරටට පැමිණීම වැළැක්විය නොහැකි බව හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.

මේ වන විට නියමිත එන්නත් මාත්‍රා ලබා නොගත් අයෙකුට තමන්ගේ ප්‍රතිශක්තිය හීන වී තිබිය හැකිය. එබැවින් නව ප්‍රභේදයට මුහුණ දීම සදහා නියමිත එන්නත් මාත්‍රා ප්‍රමාණය ලබා සිටීමද වැදගත් බව ඔහු අවධාරණය කළේය.

බී.ඒ.‍ටු (BA2) ලෙස හදුන්වන කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදය ඉන්දුනීසියාවෙන් හමුවී තිබේ. ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ සදහන් කරනුයේ BA2 උප ප්‍රභේදය ඉතා සිග්‍රයෙන් ව්‍යාප්තවන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here