Friday, April 26, 2024

ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කීරීමේ අවස්ථාව උදාවෙි

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් හා ජංගම යෙදවුමක් හඳුන්වාදීම ඊයේ (21) දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මේ වන විට සමස්ථ ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කර ඇති අතර ඉදිරියේදී මෙම පද්ධතිය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමටත්, QR කේතය මඟින් එම ප්‍රවේශ පත්‍ර තහවුරු කිරීමට හැකියාව ලැබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ, කඩදාසි භාවිතය ද අවම වෙනු ඇත. ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති ගමනාන්ත හා දුම්රිය වල පළමු පන්තියේ නැරඹුම් මැදිරි, දෙවන පන්තියේ හා තෙවන පන්තිය සඳහා යාමට සහ ඒමට පියවර කිහිපයක් මඟින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මගීන්ට හැකියා ලැබේ.

Visa, master හා Lanka QR ඇතුලුව ක්‍රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කළ හැකි අතර m Ticketing (365) සේවාව සහිත දුම්රිය ස්ථාන වෙත පැමිණ ප්‍රවේශපත්‍රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මඟින් වෙන් කරවා ගත් ප්‍රවේශපත්‍ර ලබා ගත හැක.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles