ඔහියේ ගින්නක් – ලෝකාන්තයත් අවධානමේ

0
808

ගත වූ පැය 24 තුළ සිදුවූ ගිනිගැනීම් හේතුවෙන් මොනරාගල මරගල කඳුවැටියේ හා හොරොම්බුව තේක්කවත්ත රක්ෂිතයේ අක්කර 250කට අධික භූමි ප‍්‍රමාණයක් විනාශ වී තිබේ.

එහිදී විනාශයට පත්වූ බවට සැලකෙන භූමි ප‍්‍රමාණය අක්කර 50ක්.

විල්ගමුව ගොඩඋල්පත ප‍්‍රදේශයේ හටගත් හදිසි ගින්නකින් ද අක්කර 200ක භූමි ප‍්‍රමාණයක් විනාශ විය.

මේ අතර විදුලි කාන්දුවක් හේතුවෙන් සෙට්ටිකුලම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ හටගත් ගින්න පසුව පාලනය කර ඇත.

එමෙන්ම බදුල්ලේ තවත් ගින්නක් හටගෙන තිබේ.

මෙම ගින්න හටගෙන ඇත්තේ හපුතලේ ඔහිය උඩවීදිය රක්ෂිතයේ වන අතර ගින්න මේ වන විට ලෝකාන්තය දක්වා පැතිර යමින් ඇත.

මේ අතර ඉකුත් සඳුදා සිට පැවති බදුල්ලේ වින්සන් ඩයස් ක‍්‍රීඩාංගණය අසල කසළ කන්දේ හටගත් ගින්න පාලනය කිරීමට පියවර ගැනිණ.

කෙසේ වෙතත් ගින්න මේ දක්වා සම්පූර්ණයෙන්ම නිවා නැහැ.

ගින්න නිවීම සදහා තවදුරටත් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා 02ක් යොදා තිබෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here