Thursday, May 2, 2024

බේරේ වැව හදන්න කෝටි 1,255ක්

කොළඹ නගරය ප්‍රසන්න පරිසර තත්ත්වයකින් යුත්, විනෝදාස්වාද පහසුකම්වලින් සමන්විත ස්ථානයක් වශයෙන් බේරේ වැව හා ඒ අවට ප්‍රදේශය සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව බේරේ වැව ප්‍රතිසංවර්ධනය කිරීමට රුපියල් මිලියන 12,550 ක ඇස්තමේන්තු පිරිවැයකින් සංවර්ධන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට නියමිතය. මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

කොළඹ නගර මධ්‍යයේ පිහිටි හෙක්ටයාර් 120ක පමණ භූමි ප්‍රදේශයක් පුරා බේරේ වැව විසිරී පවතී. වැසි ජලය බැස යාමට, විනෝදාස්වාද කටයුතු සඳහා මෙන්ම ජෛව විවිධත්වය සඳහා බේරේ වැවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුවෙයි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles