Saturday, September 21, 2024

ඖෂධ අධිකාරියේ දත්ත ගොනු ලක්ෂ 11ක් අතුරුදහන්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ ස්වයංක්‍රීය දත්ත ගොනු ලක්‍ෂ 11කට ආසන්න සංඛ්‍යාවක් සම්පූර්ණයෙන් අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

මේ සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ද විමර්ශනයක් අරඹා ඇති අතර මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් ද යන්න සොයා බැලීම සඳහා එම විමර්ශනය සිදු කරන බව ඖෂධ නියාමන අධිකාරියේ නිළධාරියෙක් කීය.

ඔන්ලයින් ක්‍රමයට අනුව මෑතකදී ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ගබඩා කර තිබූ දත්ත බොහොමයක් ද මේ නිසා සොයාගත නොහැකි බව ද එම නිලධාරියා සඳහන් කළේය.

මෙම තොරතුරු දත්ත ජාලය 2018 වසරේ සිට පෞද්ගලික සමාගමක් සමග ගිවිසුම්ගතව සිදු කරන බවත් ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණ තොරතුරු ආයතනය ද ව්‍යාපෘති භාරව ද කටයුතු කරන බවත් දැනගන්නට ඇත.

Sri Lanka Mirror

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles