ඖෂධ මාෆියාවට මාධ්‍යයත් හවුල්!

0
1121
ඇතැම් ඖෂධ සමාගම් හා මාධ්‍ය ආයතන කිහිපයක් එක්වී රජයේ රෝහල් හි ඖෂධ හිඟයක් මවාපෑමේ ජාවාරමක් පිළිබඳව අනාවරණය වෙයි. මේ පිළිබඳව කළ විමර්ශනයක දී අනාවරණය වූයේ ඖෂධ ගෙන්වා බෙදා හරින ප‍්‍රධාන පෙළේ සමාගම් ගණනාවක් සහ මාධ්‍ය ආයතන කිහිපයක් එක් වී මෙය මාෆියාවක් ලෙස කි‍්‍රයාත්මක කරන බවයි. 
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන්ගේ ද සහාය ඇතිව මෙම ජාවාරම සිදු කරන්නේ මෙරටට ඖෂධ ගෙන්වා බෙදාහරින සීමිත සමාගම් කිහිපයකි.
 මේ නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වන තෙක් සමාගම් ඖෂධ ඇණවුම් නොකරන අතර මාධ්‍ය ආයතන කිහිපයක් දායක කරගනිමින් රජයේ රෝහල් හි අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් ඇති බව හුවා දක්වනු ලබයි.
අලූතෙන් පිහිටවූ ඖෂධ අධිකාරිය මාස අටක් තිස්සේ කිසිදු ඖෂධයක් ලියාපදිංචි නොකිරීම සහ ඖෂධ සඳහා බලපත‍්‍ර නිකුත් කර නොමැති බව ද හෙළි වේ.
කෙසේවුවද පසුගිය 15 වන දින මහනුවර මහ රෝහලේ කායික වෛද්‍ය වාට්ටු සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප‍්‍රකාශ කර සිටියේ රට තුළ මේ වන විට  ඖෂධ හිඟයක් නොමැති බවයි.
දයා නෙත්තසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here