Sunday, April 28, 2024

යුද වැන්දඹුවන් බහුතරයක් මානසික පීඩනයෙන්

යුද්ධයේ දී ජීවිතක්ෂයට පත් වූ සෙබළුන්ගෙ බිරින්දෑවරු අඩක් පමණ මානසික පීඩනයෙන් පෙළෙන බව FOKUS Women Sri Lanka මඟින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිකරයි.

 

කාන්තා මූලික පවුල්වල මූලිකත්වය දරන කාන්තාවන්ගෙන් අඩක් පමණ මානසික පීඩනයට ලක්වී සිටින බව හා තම සැමියාගේ මරණයෙන් පසු ඔවුන් සිය දිවි හානි කර ගැනීමට තැත් කර ඇතැයි ද එයින් අනාවරණය වී ඇත.

 

විශේෂයෙන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු සාමාජිකයන්ගේ කාන්තා මූලික පවුල් සන්නද්ධ හා නිර්ණාමික කණ්ඩායම්වල ප‍්‍රහාරවලට ලක් වීම් හා තර්ජනයන්ට මුහුණ දීමේ අවධානමේ සිටින බවද කාන්තා මූලික පවුල්වල ජීවත් වන කාන්තාවන් පැහැර ගැනීමට ලක් වීමේ බියෙන් ජීවත් වන බවද එමඟින් පැවසේ.

 

කාන්තා මූලික පවුල්වල ජීවත්වන කාන්තාවන් ලිංගික හා අනෙකුත් ආකාරයේ අපයෝජනයන්ට පහසුවෙන් ගොදුරු විය හැකි තත්ත්වයන් තුළ ජීවත් වන අතර, උතුරු පළාතේ ජීවත් වන කාන්තාවන් මඟ තොට ගමන් කරන අවස්ථාවල හා තමන්ගේ සේවා ස්ථානවල සිටින අවස්ථාවල දී ලිංගික අතවරයන්ට මුහුණ දෙන බව ද වාර්තා කර ඇත.

 

මෙම කාන්තාවන්ගෙන් 10%ක් පමණ නිවසේ දී ලිංගික අපයෝජනයන්ට ලක් වන බවද එම සමීක්ෂණ වාර්තා සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles