පර්යේෂණයක් සඳහා තණමල්විල – බෝදාගම ප්රදේශයේ කංසා වගාවක් පවත්වාගෙන ගිය ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතාව ඊයේ (20) තණමල්විල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ මහතාව මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බලපත්ර නොමැතිව කංසා වගාකීරීමේ චෝදනාව යටතේ බව සඳහන්.
ආචාර්ය වසන්ත සේන වැලිඅංග මහතා කංසා පිළිබඳ පර්යේෂණ කර ග්රන්ථ දෙකක් ද රචනා කර ඇති අතර මෙරට කංසා වගාව නීතිගත කරන ලෙස වසර ගණනක් තිස්සේ රජයන්ගෙන් ඉල්ලීම් කරන අයෙකි.