Sunday, May 19, 2024

අත්‍යවශ්‍ය කොමසාරිස්ලා සීනි සංදර්ශනයක් දැම්මා, දැන් සීනි 150යි. ඒවාත් තෙතයි – අසේල සම්පත්

වෙළඳපොලේ සීනි කිලෝවක මිල රුපියල් 140 – 150 මට්ටම දක්වා ඉහළ ගොස් ඇති අතර දැනට වෙළඳපොලේ පවතින සීනි තෙත ගතියෙන් ද යුක්ත වන බව මහජන අයිතීන් සුරැකීමේ පදනමේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසයි. 

“සීනි සංදර්ශනයක් දාලා වැටළීම් කරලා පාරිභෝගික අධිකාරිය, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් මේ සියලු දෙනා මේවා කළා, මේ වනවිට සීනි කිලෝ එකක මිල රුපියල් 140 – 145 – 150 ගාවට ගිහින් තියෙනවා. එතකොට ගැසට් එක ගහලා තියෙන්නෙ කීයද ? 116යි ආනයනකරුවා, 122යි තොග හිමිකරුවා ලබාදෙන්න ඕනෙ, සිල්ලර වෙළෙන්දා පාරිභෝගිකයාට විකුණන්න ඕනෙ 125කට. හැබැයි දැන් 125 නෙවෙයි 140යි. ඒකත් එක්ක වෙළඳපොලේ සීනි හිඟයකට හේතුව තමයි, වගකීමෙන් කියන්නෙ මේ සීනි තෙතයි. මේවා අවුරුදු ගාණක් ගෙන්නලා, මේ බදු සහනය අරගෙන, ස්ටොක් කරගෙන තියන් ඉඳලා අන්තිමේදී මාස ගාණක් ගිහින් ගබඩා කිරීමේදී ඒ ප්‍රමිතිගත තත්වය නැතුව මේ සීනි මෙහෙම තියෙනවා. වගකීමෙන් කියන්නෙ තොග ආනයනකරුවන්ගෙන් හොයලා බලන්න සීනි තෙත නැද්ද කියලා වෙළඳපොලේ. මේ වතුර ගහලා නෙවෙයි. 

අපි දැක්කා ආටිගල මහත්තයා කියනවා නැවත සීනි ආනයනය කරන්න දෙනවා සත 25 බදු සහනය දීලා කියලා. දැනුත් මේ කරන්න හදන්නෙ ඒකයි. දැන් වෙළඳපොලේ සීනි හිඟය හදලා තිබෙනවා. මේ තනිකර වෙළඳ හිඟය හදලා පාරිභෝගිකයාත් කර්මාන්තකරුවොත් සියලු දෙනාම අමාරුවෙ දාලා ව්‍යාපාරිකයො මෙතනින් ඉතාමත්ම අසීමිත ලෙස මුදල් හම්බකිරීමක් මේ කරන්නෙ” 

අසේල සම්පත් මහතා මේ බව පැවසුවේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles