කටාරයේ හිටපු පාලක ෂික් කලීෆා මියයයි

0
376
කටාරයේ හිටපු එමීර්වරයකු වූ ෂීක් කලීෆා බින් හමාද් අල් තානි ඊයේ (23) අභාවප්‍රාප්ත විය. මිය වනවිට ඔහු 84 වන වියෙහි පසුවිය.
ඔහු වසර 1972 සිට 1995 දක්වා කාලය තුළ කටාර් රාජ්‍යය පාලනය කළ අතර ඔහු කටාර් රාජ්‍යයේ වත්මන් පාලකයා වන ෂීක් තමීම් බින් හමාද් අල් තානිගේ සීයාය.
ෂීක් කලීෆා බින් හමාද් අල් තානි අභාවයත් සමඟ දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට එරට රජ මාළිගය පියවර ගෙන තිබිණි.
වසර 1995 දී ස්විට්සර්ලන්තයේ සංචාරයක යෙදී සිටියදී ෂීක් කලීෆා බින් හමාද් අල් තානිගේ පුත් ෂීක් හමාද් බින් කලීෆා අල් තානී ඔහු බලයෙන් නෙරපීය.
කටාර් රාජ්‍යය නවීකරණය කිරීම සඳහා ෂීක් කලීෆා බින් හමාද් අල් තානි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අතර කටාර් රාජ්‍යය සතු ස්වභාවික ගෑස් සංචිතවලින් උපරිම ප්‍රයෝජන ගනිමින් කටාර් රාජ්‍යය ලොව ධනවත්ම හා ඉහළම ඒක පුද්ගල ආදායමක් ඇති රටක් බවට පත්කිරීමට ඔහු සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here