Friday, May 17, 2024

ආරක්ෂාව සහතිකයි

රටේ ජනතාවටත් ඔවුන්ගේ දේපළ වලට අවශ්‍ය ආරක්ෂාව සපයා තිබෙනවා.පොලිසිය,සිවිල් ආරක්ෂක බළකාය හා ත්‍රිවිධ හමුදාව ඒ වෙනුවෙන් කටයුතු කරනවා.එම නිසා රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නැතැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.
හෙතම මේ බව පවසා සිටියේ පසුගියදා අනුරාධපුරයේ පැවති සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුමේන්තු මලල ක්‍රිඩා  උත්සවයට සහභාගිවිමෙන් අනතුරුව මාධ්‍යවේදින් විසින් වර්තමාන ආරක්ෂාව පිළිබදව සෑහිමකට පත්වන්නේද යන්න විමසු අවස්තාවේ එයට පිළිතුරු දෙමිනි.
එහිදි මාධ්‍යවේදින් වර්තමානයේ සිදුවු යම් යම් සිද්ධින් නිසා සංහිදියාවට ගැටළුවක්වේද යන්න පිළිබදව විමසිමේදි සදහන් කර සිටියේ අප ඉවසිය යුතු බවයි.මෙවැනි දේවල් සිදුකරන අය ඉන්නවා.අන්තගාමි පුද්ගලයින් සිටිනවා ඒ අය කරන දේවල් රටේ සංහිදියාවට කිසිවිටක බාධාවක් වන්නේ නැතැයිද හෙතම පැවසිය.
යාපනය හා මන්නාරම යන ප්‍රදේශවල පසුගියදා ඇතිවු සිද්ධින් සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයාගෙන් විමසු අතර එහිදි මෙසේ පැවසිය.
යාපනය ප්‍රදේශයේදි විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු මියයාම පිළිබදව පොලිස් දෙපාර්තමේන්තුව  මගින් වැඩිදුර පරික්ෂණ සිදු කරන බවත් දකුණෙත් මෙවැනි වැඩිතැබිම් අනතුරු සිදුවනවා.ඒ වගේම මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නෑ. එසේම මන්නාරම ප්‍රදේශයේදි ආරක්ෂක අංශ නිළධාරින්ට සිදුකළ බව කියන පහරදිම සම්බන්ධයෙන්ධ විධිමත් පරික්ෂණ සිදු කරමින් පවතිනවා.එක් නිළධාරියකු ප්‍රාණ ඇපයට රදවා සිටිය බව කියනවා.එහෙත් කතෝලික පල්ලියක පියතුමන්ලා එම නිළධාරියා ආරක්ෂාවට රදවාගෙන සිට තිබෙන බවද හෙතම කියා සිටියේය.
හිටපු ජනාධිපතිවරයා ආරක්ෂාව හෑල්ලුකර කතා කරන බවට මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මෙලෙස පැවසිය.ඒ කතා කරන දේවල්වලට මං කතා කරන්න සුදානම් නෑ.රජයේ ස්තාවරය ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ප්‍රකාශකර තිබෙනවා.මං ආරක්ෂක ලේකම් විදියට හිටපු ජනාධිපති හෝ වෙනත් දේශපාඥයකු කරන ප්‍රකාශවලට පිලිතුරු දෙන්නේ නෑ.ඒක මගෙ රාජකාරිය නොවන බවද හෙතම පැවසිය.
පසුගිය කාලයේදි ආරක්ෂක නිළධාරින් ඝාතන වලට සම්බන්ධ කර ගෙන ඇතැයි ගෙල වැළලා ගැනිම තුළින් හෙලිවනවාද යන්න පිළිබදව කළ විමසුමේදි ආරක්ෂක ලේකම්වරයා මෙසේ සදහන් කළේය.මං ඒ පිළිබදව අදහස් දක්වන්නේ නෑ.හේතුව උසාවිය ඉදිරියේ තිබෙන කටයුත්තක් නිසා. මෙය ඇසිය යුත්තේ  විනිසුරුවරයාගෙන් බවත් එය මට අයිතිකාරණයක් නොවන බවද හෙතම වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles