කටුනායක ගුවන් පථය අලුත්වැඩියාවෙන් අධික පාඩුවක්

0
367

කටුනායක ගුවන් පථය අලුත්වැඩියා කටයුතු කිරීමේදී, එය නියමිත ක්‍රමවේදයකට අනුව  සිදුනොකිරීම නිසා මාස 03 ක කාලයක් තුළදී රටට ඇමෙරිකානු ඩොලර් මිලියන 47 ක් අහිමි යන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නිදහස් සේවක සංගමය සඳහන් කරයි.

මෙම මාස 03 ක කාලය තුළදී මෙම ක්‍රියාව නිසා ගුවන් ගමන් 200 කට අධික ප්‍රමාණයක් අවලංගු වී යන බවද එම සංගමයේ සභාපති ජානක විජයපතිරත්න මහතා සඳහන් කළේය.

ගුවන් පථ අලුත්වැඩියා කිරීමේදී දවසේ කාර්යබහුල වේලාවන් යොදා නොගන්නා බවත් එහෙත් කටුනායක ගුවන් පථය අලුත්වැඩියා කටයුතු කිරීම කාර්යබහුල වේලාවන් තුළම සිදුකිරීමට යෑම නිසා මෙම පාඩුව සිදුවන බවද අද (01දා) පැවැති මාධ්‍ය  සාකච්ඡාවකදී සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here