Sunday, September 22, 2024

කබිරාල් වෙනුවට කැටගොඩ ?

අජිත් නිවාඩ් කබ්රාල් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් මෙන්ම මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වුවහොත් ඉන් පුරප්පාඩු වන මන්ත්‍රීධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා නැවත පත් කරනු ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියා සිටියි.

පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙකු ලෙස ජයන්ත කැටගොඩ මහතා පත් කර සිටියද මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු ඒම සඳහා ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය.

මෙරට මහ බැංකුවේ අධිපති ධුරය භාරගන්නා ලෙස රජයෙන් ලද ආරාධනාව අනුව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවටද වාර්තා වෙයි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles