කවුරු මොනව කිව්වත් කවුරු මොන දේ හිතුවත් ඕනෑම මොහොතක ඡන්දයක් පැවැත්වීමට අපි සූදානම් – අගමැති

0
579

කවුරු මොනව කිව්වත් කවුරු මොන දේ හිතුවත් ඕනෑම මොහොතක ඡන්දයක් පැවැත්වීමට අපි සූදානම් යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසූ බව දිවයින ඉරිදා සංග‍්‍රහය වාර්තා කර ඇත.

ආණ්ඩුවට ඡන්දයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවද අගමැතිවරයා සඳහන් කළේය.

අපි කිසිම විටක ඡන්ද කල් දැමීමට සූදානම් නැහැ. ඇතැම් අය විවිධ බොරු ප‍්‍රචාර කරමින් ජනතාව නොමග යැවීමට කටයුතු කරනවා. නමුත් ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්‍ෂා කරදෙමින් මැතිවරණ පැවැත්වීමට අපි කටයුතු කරනවා යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

සමහරු විවිධ දේ කියයි. විවිධ දේ හිතයි. නමුත් අපි ඕනෑම මොහොතක ඕනෑම මැතිවරණයකට යන්න සූදානම්. ජනතාව අප ගැන තැබු විශ්වාසය අල්පමාත‍්‍රයකින්වත් අඩු නැහැ යැයිද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නෝමන් පලිහවඩන – දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here