Tuesday, May 21, 2024

ඩොලරයට සාපේක්ෂව රුපියල පාකරන්න – ආර්ථික මූල්‍ය සහ ව්‍යාපාර අංශ නියෝජිතයෝ බොහොමයක් රජයට යෝජනා කරති.

ඇමරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ‍්‍රී ලංකා රුපියල පා කළ යුතු යැයි ආර්ථික මූල්‍ය සහ ව්‍යාපාර අංශ නියෝජිතයෝ බොහොමයක් රජයට යෝජනා කරති.

ඉලක්ක කළ විදේශ විනිමය ප‍්‍රමාණවත් ලෙස රටට නොලැබීම නිසා විශාල විදේශ ණය ප‍්‍රමාණයක් ගෙවීමට තිබෙන තත්ත්වය හමුවේ තවදුරටත් ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය ස්ථාවර අගයක තබා ගැනීම ඉතා දුෂ්කර බවද ඔවුහු සඳහන් කරති.

මේ තුළ රටේ කර්මාන්ත, ව්‍යාපාර, නිෂ්පාදන සහ ආනයන සහ අපනයන අංශ බොහොමයක් ඉතා දුෂ්කර තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට සිදුව ඇති බවත් තම කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට විදේශ විනිමය ලබා ගැනීම ඉතා අපහසු තත්ත්වයට පත්ව ඇති බවත් කර්මාන්තකරුවෝ ප‍්‍රකාශ කරති.

දැනට මහ බැංකුව පවත්වාගෙන යන ස්ථාවර විනිමය අනුපාතය නිසා බොහෝ විදෙස්ගත ශ‍්‍රමිකයින් පවා මෙරටට අවිධිමත් මාර්ග ඔස්සේ විදේශ විනිමය එවීමට සහ ඇතැම් විට තාවකාලිකව රටට විදේශ විනිමය එවීමෙන් වැළකී සිටීමටද පෙලඹී සිටින බවද වාර්තා වේ.

මේ නිසා රුපියල පා කිරීමට පියවර ගතහොත් එය කිසියම් ඉහළ අගයක ස්ථාවර වී රටට විදේශ මුදල් ගලා ඒමටද එම තත්ත්වය හේතු වනු ඇති බවටද මේ වනවිට ඇතැම් කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන කටයුතු කරගෙන යෑමට සිදුව ඇත්තේ පිටකොටුවෙන් රු.250කට පමණ ඩොලර් ලබාගෙන අමුද්‍රව්‍ය ආනයනය කිරීමෙන් බවටද එම ආර්ථික මූල්‍ය සහ නිෂ්පාදන අංශ නියෝජිතයෝ පවසති.

ශ්‍යාම් නුවන් ගනේවත්ත – දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles