Saturday, November 16, 2024

ක්‍රීඩා අමාත්‍යවරයා භානුක මුණ ගැසෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදුව තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට භානුක ගත් තීරණය පිළිබඳව එහිදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළා.

විශ්‍රාම ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙසයි එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා භානුක රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර ඇති බව ආරංචි මාර්ග පවසන්නේ.

ජනවාරි 03 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළා.

ඔහු ක්‍රිකට් පරිපාලනයට දන්වා තිබුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන්, විශේෂයෙන්ම සම පටල මට්ටම් සමඟින් තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි.

භානුක පවසන්නේ ඔහු තවදුරටත් තම සම පටල මට්ටම පහත හෙලන්නේ නම් ඔහුට තම ප්‍රහාරාත්මක පිතිකරණයේ යෙදීමට නොහැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ඔහුගේ ප්‍රකාශයෙන් පසු ලසිත් මාලිංග ඇතුළු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සහ ඔහුගේ ක්‍රීඩා ලෝලීන් කිහිප දෙනෙකු තම තීරණය නැවත සලකා බලන ලෙස යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයාගෙන් ඉල්ලා සිටියා.

ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලය මෙතෙක් අනාවරණය වී නොමැති නමුත් භානුක රාජපක්ෂ මහතා විශ්‍රාම ගැනීමට ගත් තීරණය පිළිබඳව යළි සලකා බැලීමට එකඟ වී ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles